රත්නපුර ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයේ නිල බ්ලොග් අඩවියයි.

Thursday, September 27, 2018

ආයතනික ඵලදායිතාව ඇතිකරමු. 1

බොහෝ දෙනෙක් නිතරම උත්සහ කරන්නේ තම ආයතනය උපරිම ඵලදායිතාවයෙන් පවත්වාගෙන යාමටය. එහෙත් මෙම කාර්යයේදී රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය අතර ලොකු වෙනසක් දක්නට ලැබේ.
පෞද්ගලික ආයතන ඉහළ ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරන බැවින් ඵලදායිතාව උපරිමයෙන් පවත්වාගෙන යාමට ක්‍රිියාකරනු ලැබේ. ඊට දක්ෂ කළමනාකරුවන්, යහපත් සේවකයින් , නවීන යන්ත්‍ර සූත්‍ර, තාක්ෂණය, වැනි සියලුම අංශ ඉතා උසස් මට්ටමින් පවත්වාගෙන යනු ලබයි. ඒ තුලින් ආයතන තුල ඵලදායිතා සංස්කෘතියක් බිහිකර තිබීම දැකිය හැක.
නමුත් රාජ්‍ය අංශය මීට හාත්පසින්ම වෙනස්ය. ඉහත සඳහන් බොහෝ කාරණා ඉතාමත් දුර්වල තත්වයෙන් රාජ්‍ය අංශය තුලදී ක්‍රියාත්මක වේ. එබැවින් රාජ්‍ය ආයතනයක් ලෙස ඔබේ ආයතනය තුලත්  ඵලදායිතාව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නේ නම් අතිශයින් කැපවීමක් සිදුකල යුතුය. එවගේම ඇති කරන ඵලදායිතාව අඛණ්ඩව පවතින ලෙස ස්ථාපිත කිරීම කළයුතුය. එබැවින් එය ආරම්බ කිරීමටත් ක්‍රියාත්මක කිරීමටත් වැඩි කාලයක් ගතවීම සුදුසුය. එවිට ඵලදායිතාව ස්ථායි වීමට ඇති හැකියාව වැඩිය. එය ඔබේ ආයතනයේ සංස්කෘතිය බවට පත්වීමට ඉඩ හැරිය යුතුය.
එබැවින් ඔබ ක්ෂණිකව ඵලදායිතාව පෙන්වීමේ ක්‍රමවේද, ඒ කියන්නෙ මල්පෝච්චි තැබීම, පාට කිරීම, සුභ සාධන වැඩ, ආදිය අනුගමනය නොකරන්න. මේ දේවල් කලයුතුය නමුත් මුලින්ම ඵලදායිතාව යන්න ගැඹුරින් අවබෝධ කරගෙනම වැඩේට බහින්න. එ්ක තමයි ඔබේ ආයතනය සාර්ථකත්වයට ගෙනයන්න හොඳම ක්‍රමවේදය වෙන්නෙ.
එහෙමනන් ගැඹුරට යන්න කලින් ඵලදායිතාව යන්න මොකක්ද කියල බලමු.
මම මුලින්ම ලියපු ඵලදායිතාව 01 යනුවෙන්  ලියපු ලිපිය බැලුවම සරලව තේරුම් ගන්න පුළුවන්. එහිදී ඔබ තේරුම් ගන්න ඇති ඵලදායිතාව යන්න යෙදවුම් ප්‍රමාණයට සාපේක්ෂව නිමැවුම් ප්‍රමාණය කොතෙක්ද යන්නයි.මේක අපිට ගණිතමය සමීකරණයක් ලෙස ගතහොත්.
P= Productivity (ඵලදායිතාව)
O= Output (නිමැවුම්)
I= Input ( යෙදවුම්)    ලෙස ගතහොත්

P = O/I

 මේ රූප සටහනින් තවදුරටත් තේරුම් ගන්න පුළුවන් වෙයි.
















දැන් අපි මෙම සමීකරණයට සංඛ්‍යාත්මක අගයන් එකතු කර බලමු.

I= 10
O= 10

දැන්  P හි අගය වන්නේ  P=O/I     
P= 10/10
P= 1
මෙම පිළිතුරෙන් ඵලදායිතාවක් පෙන්නුම් කරයිද? ඇත්තටම මෙහි ඵලදායිතාව නෑ. මොකද යොදවන ප්‍රමාණයම නිමැවුම් ලෙස ලැබෙන නිසා.

O වල අගය 20 උවහොත් P= 2 වේ. එනම් යොදවන ප්‍රමාණය මෙන් දෙගුණයක් නිමැවුම් ලෙස ලැබේ. ඒ කියන්නෙ ඵලදායිතාවයක් තියෙනව කියල. අපි  O වල අගය 5 ක් ලෙස අරගෙන බලමු. එවිට P= 0.5 ක් වෙනව. ඒ කියන්නෙ යෙදවුම් වලින් හරි අඩක් තමයි නිමැවුම් ලෙස ලැබෙන්නෙ. මේක සෘණ ඵලදායිතාවයක් කියල කියන්න පුළුවන් ඒ කියනනේ ඇත්තටම පාඩු ලබන ආයතනයක්.
හරි අපි ඊලඟ POST එකෙන් බලමු සමීකරණයට අනුව ඵලදායිතාව වැඩිකර ගැනීමට කල හැකි දේ මොනවාද කියල.

Thursday, May 10, 2018

රත්නපුර ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලය

සබරගමුව පලාතේ දිස්ත්‍රික්ක දෙක අතරින් විශාලම දිස්ත්‍රික්කය වන රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර තැපැල් අධිකාරී කාර්යාලයේ ඉදිරිපත් කිරීමයි.